මහ බැංකුව දැවැන්ත බැඳුම්කර වෙන්දේසියකට සැරසෙයි

    June, 28, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්ත්මේන්තුව විසින් අද (28) දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය රු. මිලියන 150,000 ක් හෙවත් රු. බිලියන 150 ක තරම් දැවැන්ත නිකුතුවක් වීමයි.

    මෙහිදී 2025, 2028 හා 2031 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් පිළිවෙලින් රු. බිලියන 60, 30 හා 60 ක් ලෙසින් කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය සඳහා ලංසු කැඳවනු ලැබේ.

    ලංසු ඉදිරිපත් කිරීම අද පෙරවරු 11.00 ට පෙර සිදුකළ යුතුය.