June, 30, 2020
ඊයේ (29) දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රු . බිලියන 60 ක වටිනාකමකින් යුතු බැඳුම්කර නිකුත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී.
වසර 2යි මාස 5 සහ වසර 7යි මාස 1 යන පරිණත කාලයන්ගෙන් යුතුව කාණ්ඩ දෙකක් යටතේ මෙම බැඳුම්කර වෙන්දේසිය කැඳවා ඇති අතර එහිදී පිළිවෙලින් රු. බිලියන 83.6 ක් හා රු. බිලියන 54.67 ක් වශයෙන් ලංසු ලැබී තිබේ. එහිදී රු. බිලියන 35 ක් සහ ර. බිලියන 25 ක් ලෙසින් වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට අනුව ලංසු පිළිගෙන ඇත.
පිළිවෙලින් වාර්ෂික පොළී අනුපාතිකයන් 7.90% ක් හා 7.80% ක් ලෙස මෙම නිකුතුව සිදු කර ඇත.
මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

Video Story