October, 1, 2018
සේවක අර්ථසාධක අරමුදලට අනුයුක්ත කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ සේවා නියුක්ති ආදායම මත වූ උපයන විට බදු ගෙවීම් අදාළ නිලධාරීන්ගෙන් අය නොකර සමාලෝචිත වර්ෂයේ දී රු. 17,571,467 ක් සේවක අර්ථසාධක අරමුදල විසින් ගෙවා තිබේ.
මේ බව 2016 සේවක අර්ථසාධක අරමුදල් වාර්ෂික වාර්තාව පිළිබඳ විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.
උපයන විට ගෙවීම් බදු, අරමුදලින් ගෙවීම පිළිබඳව 2016 පෙබරවාරි 26 දිනැති රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දී සාකච්ඡා කර තිබුණු අතර ඒ අනුව 2016 අයවැය ලේඛනයේ උපදෙස් හා රාජ්‍ය මුදල් චක්‍රලේඛවලට අනුකූල වන අන්දමින් ක්‍රමවේදයන් නිවැරදිව යා යාවත්කාලීන කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කොට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස දැන්වූවද 2017 ජූනි අවසන් වන විටත් ඒ අනුව කටයුතු කර නොතිබුණු බව එම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.
Video Story