June, 15, 2017
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඊයේ (14) තෙවන දිනටත් බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටියේය. එහිදී කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා, සෘජු ක්රමවේදය හරහා අක්රමිකතා සිදුව ඇති බවට විගණන සිදුකිරීමේ දී අනාවරණ වුවද විනිවිදභාවය සම්බන්ධයෙන් පැමිණිලි නොකළේ මන්දැයි විමසීය.
එහිදී විගණාකාධිපතිවරයා කොමිසමට අනාවරණය කළේ, බැඳුම්කර නිකුත් කිරීමේ දී භාවිත කළ සෘජු ක්රමවේදය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු විගණනක් සිදුකර නොමැති බවයි. මේ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් දත්ත ඉල්ලා සිටිය ද ඒවා රහසිගත බව පවසමින් මහ බැංකු නිලධාරීන් විගණකාධිපතිවරයාට පවා එම දත්ත ලබා දීම ප්රතික්ෂේප කර ඇති බව ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
Video Story