මහ බැංකු වංචාව හා ප්‍රධාන මූල්‍ය අපරාධ 20ක් නීතිය ඉදිරියට

    December, 16, 2019

    ශ්‍රී ලංකා මහ බැංකු වංචාව සහ ප්‍රධාන මූල්‍යමය අපරාධ 20ක් නීතිය ඉදිරියට ගෙන එනු ලබන බව රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද රට හදන සෞභාග්‍යයේ දැක්ම - ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් වේ.

    එහි දෙවන පරිච්ඡේදයෙහි ‘දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක්‘ තේමාව යටතේ මේ බව සඳහන් කර ඇත.

    එහි ‘යහපාලන‘ අංශය යටතේ ‘දූෂණය පිටුදැකීම‘ ප්‍රතිපත්තියට අනුව දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන් කිසිදු ආකාරයකින් දූෂණයක් සඳහා සහභාගී නොවන බවට සහතික කිරීම, උපාය මාර්ග වශයෙන් දක්වා තිබේ.

    ඒ යටතේ ක්‍රියාකාරකම් 4 ක් දක්වා ඇත. එනම්,

    • ශ්‍රී ලංකා මහ බැංකු වංචාව සහ ප්‍රධාන මූල්‍යමය අපරාධ 20ක් නීතිය ඉදිරියට ගෙන ඒම.
    • දූෂිත දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම බලගැන්වෙන පනතක් මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ශක්තිමත් කිරීම.
    • මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විධිමත් කිරීම සහ ආයතනිකකරණය කිරීම සහ මහජනතාවගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම.
    • මූල්‍ය අපරාධ විභාග කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන ඒකක හෝ විශේෂ අධිකරණයක් පිහිටුවීම.