මහ බැංකු විධායක නිලධාරීන්ගෙන් ඉල්ලීමක්

    July, 11, 2022

    මහ බැංකු නිලධාරීන්ගේ වෘත්තීමය සහ තාක්ෂණික උපදෙස් පසෙකලා ප්‍රධාන වශයෙන්ම පටු දේශපාලන න්‍යාය පත්‍රයන් මත පදනම්ව ආර්ථිකය හැසිරවීමේ අනිටු ප්‍රතිවිපාක අද රටක් වශයෙන් අප අත් විඳිමින් සිටින බව මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, පවත්නා ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් තුළ ඉතා යුහුසුළුව ක්‍රියාත්මක වී රට තුළ අරාජික තත්ත්වයක් ඇති නොවීමට වග බලාගන්නා ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවයි.

    මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.