• Ada Derana BIZ Sinhala
  • Human Rights Council
  • IMF
  • sri lanka

මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා IMF වැඩසටහනට බලපෑම් කරයි ද?

October, 6, 2022

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති නව යෝජනාවේ ඡන්ද විමසීම අද (06) සිදුකෙරිණි.

මෙරට වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුම් සේවීමේ දී ඊට මුල් වූ වර්තමාන හා හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂන සිදුකොට නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවත්, එහිදී ස්වාධීන අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් එහිදී යෝජනා කර තිබුණි.

මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ මෙම තීරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා බලපෑමක් එල්ලවන්නේ දැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ මෙම කරුණු දෙකෙහි සම්බන්ධයක් නොමැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කිසිම දෙයක් ඔවුන් (මානව හිමිකම් කොමිසම) සමඟ සන්නිවේදනය කරන්නේ නැති බව අපි දන්නවා.

එසේ බලපෑමට ලක්වන කිසිම කරුණක් ගැන මහ බැංකු බලධාරීන් දැනුවත් කර නැහැ.

එක්සත් ජාතීන්ගේ කවුන්සලය වෙනමම එකක්.

මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ක්‍රියාපටිපාටිය වෙනමම එකක්.

ඒ ගැන කිසිම සම්බන්ධයෙක් අපි දකින්නේ නැහැ.

 

 

 

Video Story

Stock Market

Exchange Rates