මාර්තු මාසයේ දී ඉහළ උද්ධමනයක්

    April, 24, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ දී වාර්තා කළ 1ග7% සිට 2016 මාර්තු මාසයේ දී 2.2% දක්වා ඉහළ ගොස් තිබේ.

    ආහාර නොවන කාණ්ඩය මෙම ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

    විවිධ භාණ්ඩ හා සේවා (මෝටර් රථ රක්ෂණය), මධ්‍යසාර පාන හා දුම්කොළ, ප්‍රවාහන සහ රෙදිපිළි හා පාවහන් උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් මෙම ලක්ෂ්‍යමය ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශය්‍යන් දායක වී ඇත.