මාර්තු මාසයේ සංචාරක පැමිණීම සියයට 2.5 කින් පහළට

    April, 6, 2017

    පසුගිය 2017 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ගණන 188,076 ක් ලෙස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත සටහනකින් වාර්තා වේ. මෙය 2016 මාර්තු මාසයේ දී මෙරටට පැමිණ තිබෙන මුළු සංචාරක සංඛ්‍යාව වූ 192,841 හා සැසඳීමේ දී සියයට 2.5 ක පහළ යාමකි.

    2017 ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණයේ සියයට 12.9 ක වාර්තාගත වර්ධනයක් වාර්තා වුවත් පෙබරවාරි මාසයේ දී එය සියයට 0.1 කින් පහළ ගොස් තිබිණි.

    ජනවාරි මාසය ආරම්භයේ දී මෙරට ප්‍රධානතම ගුවන්තොටුපළ වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම සඳහා ගුවන්ගමන් කටයුතු සීමා කිරීමට සිදුවීම, මෙලෙස සංචාරක පැමිණීම පහළ යාමට ප්‍රධානතම හේතුව ලෙසින් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    මාර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාව 84,568 ක්, චීනය 79,222 ක්, එක්සත් රාජධානිය 59,137 ක්, ජර්මනිය 42,390 ක් හා ප්‍රංශය 36,057 ක් ලෙසින් වාර්තා වේ.