March, 5, 2026
මැදපෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවයට පත් වූ මගීන්ට සහාය වීම පිණිස, 2026 මාර්තු 08 වන දින කොළඹ සහ ලන්ඩන් අතර අතිරේක ගුවන් වාරයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.
ඒ අනුව, අංක UL1205 දරන අතිරේක ගුවන් යානය 2026 මාර්තු 08 වන ඉරිදා දින පෙ.ව. 06:50 ට කොළඹින් පිටත්ව එදිනම ප.ව. 13:10 ට ලන්ඩන් වෙත ළඟා වීමට නියමිතය. එහි ආපසු ගමන් වාරය වන UL1206 ගුවන් යානය එදිනම ප.ව. 15:05 ට ලන්ඩන් නුවරින් පිටත්ව පසු දින පෙ.ව. 06:55 ට කොළඹට ළඟා වනු ඇත.
පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව අවධානයෙන් පසුවන අතර, ගමන් බාධා ඇති වූ මගීන්ට සහාය වීම සඳහා තෝරාගත් ගමන් මාර්ග කිහිපයක මෙලෙස අතිරේක ගුවන් වාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටී.
වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න: 1979 (ශ්‍රී ලංකාව තුළ); +94 11 777 1979 (ජාත්‍යන්තර); WhatsApp +94 74 444 1979 (පණිවිඩ සඳහා පමණි); ඔබේ සංචාරක නියෝජිතායතනය ; www.srilankan.com වෙබ් අඩවියට පිවිසෙන්න හෝ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමාජ මාධ්‍ය ජාලයන් අනුගමනය කරන්න.
Video Story