March, 5, 2026
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක වල ඉහළ යාමක් අද(05) දක්නට ලැබුණි.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 256.12කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,833.53ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 68.14කින් ඉහළ ගොස් ඒකක 6,425.80ක් ලෙසින් සටහන් විය.
අද සමාගම් 177ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, DFCC බැංකුව, NDB, ඩයලොග් ආසියාටා සහ කොමර්ෂල් බැංකුව යන සමාගම් සියළු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
අද ගනුදෙනු පිරිවැටුමෙහි අගය වාර්තා වූයේ රු. බිලියන 5.68 ක් ලෙසයි.
Video Story