මාලිංගගේ අවසාන එක්දින තරඟයේ සියලු ටිකට් විකිණී අවසන්

    July, 24, 2019

    එළඹෙන සිකුරාදා (26) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරඟයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මේ බව කියා සිටී.

    මෙම තරඟය ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගී වන අවසාන එක්දින ජාත්‍යන්තර තරඟයයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින්, සිය අවසාන එක්දින ජාත්‍යන්තර තරඟය සමඟ එක් වන ලෙසින් ක්‍රීඩාලෝලීන් හට මාලිංග ආරාධනය කර සිටියේය.

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ 3කින් සමන්විත එක්දින තරඟමාලාව ජූලි 26 දින ආරම්භ වන අතර සියලු තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. සෙසු තරඟ දෙක ජූලි 28 හා 31 දිනයන් හි පැවැත්වේ.