මාස 03 කට පසු කොළඹ කොටස් 6,500 ඉක්මවයි

    April, 29, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය මීට සුළු මොහොතකට පෙර ඒකක 6,500 සීමාව ඉක්මවා යන ලදී. අවසාන වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,500 සීමාවෙහි පැවතියේ පසුගිය 2016 ජනවාරි 14 වන දිනයේ දීය.

    අද පස්වරු 12.52 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 58.49 කින් ඉහළ ගොස් ඒකක 6,501.02 ක් ලෙසින් වාර්තා විය. ඒ වන විට වාර්තා වී තිබූ දෛනික පිරිවැටුම රුපියල් බිලියනය ඉක්මවා තිබිණි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබා ගැනීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ණය මුදල සම්බන්ධයෙන් ගිවිසුම්ගත වීම කරණ කොට කොටස් වෙළෙඳපොළ මෙයාකාරයෙන් පිබිදීමක් වාර්තා කර තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.