July, 2, 2019
2019 මුල් මාස 04 තුළ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් අලාභය රු. බිලියන 11.14 ක් දක්වා සහ සමස්ත අලාභය රු. බිලියන 21.17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන සහ බලශක්ති උත්පාදන අංශය වෙත ලබා දෙන ඉන්ධනවල මිල ගණන්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් සමඟ ක්‍රියාත්මක කෙරෙන මිල සූත්‍ර ක්‍රමවේදය සමඟින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙලෙස ඉහළ අලාභයක් වාර්තා කිරීමට සිදුව ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය ද මෙම කාලපරිච්ඡේදය තුළ දී තෙල් සංස්ථාවේ අලභයට හේතුවී ඇති බව අනාවරණය වී ඇත. මෙහිදී තෙල් ආනයනය වෙනුවෙන් ඩොලර්වලින් පියවිය යුතු ගෙවීම් හේතුවෙන් රු. බිලියන 9.14 ක විනිමය අලාභයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අත්වී තිබේ.
Video Story