මාස 05 ක සංචාරක ආදායම ඩොලර් මිලියන 1,400 පසුකරයි

    August, 2, 2016

    2016 මැයි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 125,044 ක් දක්වා ඉහළගොස් තිබෙන අතර එය 2015 මැයි මාසයට සාපේක්ෂව 10.1% ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

    මේ අනුව 2016 පළමු මාස 05 තුළ පැමිණ තිබෙන සංචාරකයින් ගණන 846,229 ක් බවත් 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී එය 18.4% ක වර්ධනයක් බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

    2015 පළමු මාස පහ තුළ දී වාර්තා වූ සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,184.4 ක් ලෙසින් සටහන් වෙන අතර එය 2016 පළමු මාස පහ තුළ දී ඩොලර් මිලියන 1,402.5 ක් දක්වා 18.4% කින් වර්ධනය වී තිබේ.

    2016 මැයි මාසයේ දී ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය සංචාරකයින් පැමිණීමේ ප්‍රධාන මූලාශ්‍ර පහ වූ අතර එම රටවලින් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එම මාසය තුළ දී සිදු වූ සංචාරක පැමිණීම්වලින් 52.2% කට දායක වී ඇත.