මාස 06 කදී කැලණිවැලි වැවිලි අලාභය සියයට 100 කින් ඉහළට

    October, 26, 2016

    කැලණිවැලි වැවිලි සමාගමේ 2016 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තාව පසුගිය දා එළිදැක්වුණු අතර ගෙවී ගිය කාර්තුව තුළ ද සමාගමේ අලාභදායීත්වය තවදුරටත් වර්ධනය වී ඇති බව එමඟින් අනාවරණය වී තිබේ.

    මෙම කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් බිලියන 1.52 සිට රු. බිලියන 1.548 දක්වා 2% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

    කෙසේ වෙතත් මෙම කාලපරිච්ඡේදය තුළ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 94.56 සිට රු. මිලියන 167.39 දක්වා 77% කින් ඉහළ ගොස් තිබෙන අතර 2016 සැප්තැම්බර් 30 න් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු අලාභය රු. මිලියන 126.51 සිට රු. මිලියන 252.7 දක්වා 100% කින් වර්ධනය වී තිබේ.