October, 1, 2019
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 180.0828 ක් හා විකුණුම් රු. 183.7550 ක් වශයෙන් සටහන් විය.
2019 ජනවාරි 24 වනදායින් පසු ඩොලරයක ගැනුම් මිල රු. 180 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
මහ බැංකු විනිමය අනුපාත සටහනට අනුව 2019 ජනවාරි 24 දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 180.0825 ක් හා විකුණුම් මිල රු. 183.9552 ක් වශයෙන් සටහන් වී තිබුණි.
ශ්රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව 2019 වසරේ සැප්තැම්බර් 25 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.7 කින් අතිප්රමාණය වී තිබේ.
Video Story