මාස 08 කදී රුපියල සියයට 2 කින් බාල්දු වෙලා

    August, 28, 2017

    ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 අගෝස්තු මස 24 වැනි දින දක්වා කාලපර්ච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.0 කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

    අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්චේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකක වන යුරෝවලට සාපේක්ෂව සියයට 12.5 කින් ද, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.8 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.2 කින් ද සහ ඉන්දියානු රුපියලට සාපෙක්ෂව සියයට 7.6 කින් ද අවප්‍රමාණය වී තිබේ.