September, 19, 2022
2022 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08 ක කාලපරිච්ඡේදය තුළ දී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම ඩොලර් මිලියන 892.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී. මෙහි රුපියල් වටිනාකම රු. බිලියන 246 ක් වේ.
2022 අගෝස්තු මාසය තුළ දී සංචාරක ඉපැයීම් ප්‍රමාණය සටහන් වන්නේ ඩොලර් මිලියන 67.9 ක් ලෙසයි.
2022 අගෝස්තු මාසය තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 37,760 ක් වන අතර වසරේ මුල් මාස 08 තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 496,430 ක් වේ.
Video Story