මාස 6ක් තුළ බදු ආදායම බිලියන 100කින් ඉහළට

    August, 18, 2016

    මෙම වසරේ පළමු මාස 6 තුළ රාජ්‍ය බදු ආදායම බිලියන 100කින් ඉහළ ගිය බව මුදල් අමාත්‍යවරයා අඟහරුවාදා (16) අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර ඒ අනුව දේශිය බදු 22%කින් වැඩි වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

    එසේම සුරා බදු ආදායම 22%කින් සහ රේගු බදු ආදායම 40%කින් වැඩි වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජය නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කිරීම හේතුවෙන් මෙම බදු ආදායම වැඩි කර ගැනීමට හැකි වී තිබෙන බවයි.