June, 24, 2026
ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත ප්‍රහාර දියත් කිරීමට ඇරඹූ පසුගිය පෙබරවාරි 28 දායින් පසු, මේ දක්වා වාර්තා වී ඇති අවම බොර තෙල් මිල ගණන් අද දින වාර්තා වී තිබේ.
2026 පෙබරවාරි 28 දින බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 72.87ක් ලෙසින් සටහන් වූ අතර එදින යුද්ධයේ ආරම්භයත් සමඟින් මාර්තු 02 දින වන විට ඩොලර් 77.74ක් දක්වා ඉහළ ගියේය. එදිනෙන් පසු මේ දක්වා වකවානුව තුළ වාර්තා වුණු අවම බොර තෙල් මිල අද වාර්තා වී ඇත්තේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් ඩොලර් 76.52ක් ලෙස සටහන් වීමත් සමඟිනි.
අද දින WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 72.68ක් ලෙසින් සටහන්ව ඇති අතර පෙබරවාරි 28 දින ඩොලර් 67.02ක් ලෙසත් මාර්තු 02 දින වන විට ඩොලර් 71.23ක් ලෙසත් එහි මිල සටහන්ව තිබුණි.
Video Story