මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

    April, 28, 2016

    2016 මැයි 02 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.
    ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දින ඉරිදා දිනයක් වීම හේතුවෙන්, මෙලස ඊට පසු සඳු දින බැංකු නිවාඩු දිනයක් ලෙසින් නම් කර තිබේ.
    මේ අතර මැයි 02 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ ද ගනුදෙනු සඳහා විවෘත නොවන බව අද දෙරණ Biz කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේය.