June, 3, 2022
ළමා ලෝකය සැබැවින්ම සුන්දරය. ඒ සුන්දරත්වය තව තවත් ඉහළ නංවන්නේ ඔවුන් විඳින සතුට හා නිදහසයි. එහෙත් අවාසනාවට කරුණ නම් සතුට හා නිදහස අවැසි එවන් දරුවන් රැසක් අද වන විට දුප්පත්කම හමුවේ අධ්‍යාපනය හැර දමා විවිධ රැකියාවන් වෙත යොමු වීමේ දැඩි අවධානමකට ලක්ව තිබීමයි. ආර්ථික අපහසුතා හමුවේ අධ්‍යාපනය අතරමඟ හැර නොයමින් සතුට හා නිදහස රිසි දේ අත්විඳීමේ අවස්ථාව මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ ඔවුන් වෙත උරුම කර දීමට කැපවී සිටින්නේ එහෙයිනි. මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල, කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක් වෙමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර ඇති සුවිසල් වැඩසටහනෙහි එක් පියවරක් ලෙස දකුණු පළාතේ අඩු ආදායම් ලාභී පවුල් 4ක දරුවන් සිව් දෙනෙකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවැසි මූල්‍ය පහසුකම් ලබා දීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ ඒ අනුවය.
මාතර නගරයේදී පැවති එම උත්සවයේදී දරුවන්ගේ නිදහස අරුත් ගන්වමින් ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මූල්‍ය පහසුකම් සළසා දීමට මැලිබන් ‘නිදහසේ රන් දරුවෝ’ කටයුතු කරනු ලැබීය. එමෙන්ම ඔවුන් තව දුරටත් විවිධ රැකියාවන්හි නිරත වීම වළක්වාලීම වෙනුවෙන් පවුලේ ආර්ථික දියුණුවට අවශ්‍ය මඟ විවර කර දෙමින් මහන මැෂින් 3ක් හා ධීවර කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහිත පා පැදියක් එම පවුල් වෙත ප්රදානය කිරීමට ද කරනු ලැබීය.
මෙම අවස්ථාව වෙනුවෙන් එක් වූ මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිණී කුෂානි පීරිස් මහත්මිය “ මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල නිර්මාණය වුණේ දරුවන්ගේ සතුට හා නිදහස අරුත් ගැන්වීම වෙනුවෙනුයි. අද වන විට බොහෝ පවුල්වල ආර්ථික දුෂ්කරතාවයන් නිසා දරුවන් ළමා මෙහෙකරුවන් බවට පත් වෙමින් තිබීම අවාසනාවට කරුණක්. අපි මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තුළින් කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එක්ව මේ ආකාරයේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් ඔවුන් ආර්ථික වශයෙන් ඔසවා තැබීමට කටයුතු කරනවා. ඒ යටතේ දකුණු පළාතේ දුෂ්කර පවුල් අතුරින් තෝරාගත් පවුල් 4ක දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මූල්‍යමට දායකත්වය මෙන්ම එම පවුල්වල ආර්ථික ශක්තිය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපුරාලීමට කටයුතු කළා. ඒ වගේම දිවයිනේ සෙසු පළාත්වලත් මෙවන් පවුල් හඳුනා ගනිමින් ඔවුන් වෙත අපගේ සහයෝගය ලබා දීමට අපි අපේක්ෂා කරනවා” යනුවෙන් පැවසීය.
මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල සඳහා ඔබ මිලදී ගනු ලබන සෑම ග්‍රෑම් 80ක ගෝල්ඩ් මාරි බිස්කට් පැකට්ටුවක් තුළින්ම ශත 50ක මුදලක් වෙන් කරනු ලබයි. ඒ අනුව මැලිබන් ගෝල්ඩ් මාරි මිලදී ගනු ලබන සෑම පාරිභෝගිකයකුම මෙම සුවිසල් සමාජ සත්කාරයේ අභිමානවත් කොටස්කරුවකු බවට පත්වනු ලබයි. 2021 ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ පිහිටුවනු ලැබූ ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදලෙහි ප්‍රධාන අරමුණ වන්නේ දරුවන්ට සතුටින් හා නිදහසින් සපිරි ලෝකයක් නිර්මාණය කිරීමයි.


Video Story