මිනිත්තු 10 ක ආරෝපණයකින් කිලෝමීටර 200 ක් දුවන ආසන දෙකේ ඉලෙක්ට්‍රික් කාරයක් ඉන්දියාවෙන්

    January, 11, 2018

    ඉන්දියාවේ නවදිල්ලි නුවර පදනම් කර ගත් මූලාරම්භයක් (startup) වන Hriman Motors LLP සමාගම, ආසන දෙකේ ඉලෙක්ට්‍රික් කාර් රථයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

    සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක උපරිම ධාවනයක් ලබා ගැනීමට මෙම මෝටර් රථය සමත් බවයි.

    අධිවේගී චාජරයක් (fast DC Charger) භාවිතයෙන් මිනිත්තු 10 ක් තුළ දී සම්පූර්ණයෙන්ම මෙහි බැටරිය ආරෝපණය කළ හැකි බවත් සාමාන්‍ය චාජරයක් (AC Charger) භාවිතය තුළින් පැය 1-2 ක් කාලයක දී එහි බැටරිය ආරෝපණය කළ හැකි බවත් Hriman Motors LLP වැඩිදුරටත් කියා සිටී.

    මේ වන විට පරීක්ෂණ තත්ත්වයේ මෙම නිෂ්පාදනය පසුවන අතර 2018 මැද භාගයේ දී මෙය වෙළෙඳපොළට නිකුත් කිරීමට සමාගම සැලසුම් කර තිබේ.

    තවද ඉදිරියේ දී ආසන 4 සහ ආසන 6 මෝටර් රථ කාණ්ඩ දෙකක් ද නිෂ්පාදනයට Hriman Motors LLP සැලසුම් කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.