මිනේක, සිලෝන් බිස්කට්ස් ලොකු පුටුවට සමුදෙයි

    July, 6, 2015

    1968 වසරේදී සිලෝන් බිස්කට්ස් සමාගම ආරම්භ කළ මිනේක පී. වික්‍රමසිංහ මහතා වසර 48 ක කාලයක් දැරූ සිලෝන් බිස්කට්ස් සමාගම් සමූහයේ සභාපති ධූරයෙන් විශ්‍රාම ගෙන තිබේ.

    සමාගම සඳහන් කරන්නේ පසුගිය ජුනි 24 වනදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ රම්‍ය වික්‍රමසිංහ මහතා සමූහයේ නව සභාපතිවරයා ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තෝරා පත්කර ගත් බවයි.

    කෙසේවෙතත්, දිගු කාලීන ව්‍යාපාරික අත්දැකීම් ඇති මිනේක පී. වික්‍රමසිංහ මහතා ඉදිරියේදී සමාගම් සමූහයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතර Emeritus හි, සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

    සිලොන් බිස්කට්ස් සමූහයේ මේ වනවිට 5000 කට වැඩි සේවක පිරිසක් සිටින අතර සමාගම සඳහන් කරන්නේ මිනේක පී. වික්‍රමසිංහ මහතාගේ අධිෂ්ඨානය, දැක්ම, කැපවීම මෙවැනි ගමනක් පැමිණීම සඳහා ප්‍රධාන වශයෙන්ම හේතුවූ බවයි.

    CARE වැඩසටහන යටතේ පාසැල් දරුවන්ට අධි ප්‍රෝටීන විස්කෝතු ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට වික්‍රමසිංහ මහතා ලබාදී තිබුණු යෝජනාව සමග සිලෝන් බිස්කට්ස් සමාගම එකළ ආරම්භ කර තිබේ. මේ වනවිට, මෙරට විස්කෝතු වෙළඳ පොළින් සියයට 50 කට වැඩි කොටසක් අත්පත් කරගෙන සිටින්නේ මෙම සමාගම් සමූහයයි. cb

    ඡායාරූපය 01 – මිනේක පී. වික්‍රමසිංහ මහතා
    ඡායාරූපය 02- රම්‍ය වික්‍රමසිංහ මහතා