මිරිජ්ජවිල ආයෝජන නවතා දමා නැහැ – ඇමති මලික් පවසයි

    April, 2, 2019

    “ශ්‍රී ලංකාවේ අපනයනය පැස ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. අලුතෙන් කර්මාන්ත කලාප හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා. රට මුළුල්ලේම අපනයන සඳහා වෙලඳපොළක් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. අපනයනකරුවන් දිරිගැන්වීමට වැඩසටහන් ක්‍රියත්මක කරනවා. 2019 ව්‍යාපාර නවොත්පාදන වැඩසටහනක් දියත් කරනවා“, යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    “මිරිජ්ජවිල ආයෝජන නවතා දමා නෑ. ඕමානයේ සහ ඉන්දීය කොම්පැනි ගැන කත කළා. ඕමාන රටේ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා,ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවකට ආයෝජනය කරන බව. රැකියා වර්ධනය කරකා ආර්ථිකය තරඟකාරි කරන්න කටයුතු කර තිබෙන්නේ. වෙලඳ අයෝජන අපනයන අංශ සඳහා අයවැයෙන් සහන ලබාදී තිබෙනවා. මේ රටේ ආයෝජන වාතාවරණය සංවර්ධනය කාර්මින් ආයෝජකයින්ට හා ව්‍යවාසායකයින්ට ප්‍රයෝජනවත් ලෙස උපකාර කොට තිබෙනවා. පසුගිය වසර තුන තුළ පසුගිය වසර තුනේ අපේ අපනයනය වර්ධනය වී තිබෙනවා.“

    “ජාතික අපනයන ක්‍රමෝපාය මඟින් ඉලෙක්ට්‍රොනික් භණ්ඩ ආහාර පාන වර්ග හඳුනාගෙන තිබෙනවා. මේ අංශයේ වර්ධනයක් තිබෙනවා. ඇඟලුම් අංශයෙත් වර්ධනයක් තිබෙනවා. ජපානය කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ජපානය සමඟ අපනයනය ද වර්ධනය වී තිබෙනවා. මිලියන 2.7ක් සෘජු විදේශ ආයෝජන පසුගිය වසරේ ලැබී තිබෙනවා. අපනයන මුල් කරගත් අංශවලට ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලය 2018 වසරේ ඩොලර් බිලියන 2.5ක් වටින ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. 2018-2022 දක්වා කාලය තුළ සිදුකරන කාර්යයන් සඳහා අංශ හයක් සඳහා සැලසුම් කොට තිබෙනවා. රට මුළුල්ලේම අපනයන සඳහා වෙලඳපොළක් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. අපනයනකරුවන් දිරිගැන්වීමට වැඩසටහන් ක්‍රියත්මක කරනවා. කාන්තා ව්‍යවසාකයින් දිරිගැන්වීමට වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.වෙළඳ පොළ ප්‍රවේශ උපකාරක ක්‍රමය ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් ව්‍යවසයකයින්ට ජාත්‍යන්තර වෙලඳපොළට යොමු වීමට අවස්ථාව සැලසෙනවා. 2019 ව්‍යාපාර නවොත්පාදන වැඩසටහනක් දියත් කරනවා. දේශීය කර්මාන්තවලට හොඳ වෙළඳපොළක් ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. විදේශ හා දේශීය ව්‍යවසායකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර තිබෙනවා.විශේෂ ආයතනයක් ස්ථාපිත කර තිබෙනවා.ශ්‍රී ලංකාවේ අපනයනය පැස ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා.අලුතෙන් කර්මාන්ත කලාප හඳුන්වාදීමට කටයුතු කර තුබෙනවා. ගුණාත්මක රැකියා තරුන තරුණියන්ට ලබදෙනවා. කුසළතා පූර්ණ තරුණ පරපුරට දියුණු වීමට අවස්ථාව ලබාදිය යුතුයි.ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට සියලු පියවර ගන්නවා.“

    News.lk