May, 3, 2018
මෙම ප‍්‍රකාශය නිකුත් කෙරෙන්නේ මිරිස්ස වෙරළ තීරයේ තිබෙන බවට හඳුනා ගත් අනවසර ඉදි කිරීම් 17ක් ඉවත් කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (CCD) ගෙන ඇති තීරණයට ප‍්‍රතිචාර වශයෙනි:
මිරිස්ස වෙරළබඩ බීම හලක දී නෙදර්ලන්ත සංචාරකයන් දෙදෙනෙකුට දරුණු ලෙස පහර දීම නිසා සංචාරක ව්‍යාපාරය තුළ හට ගත් අර්බුදයෙන් පසුව පමාවකින් තොරව සාකච්ඡාවකට පැමිණෙන ලෙස ගරු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සියලූ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. ශ‍්‍රී ලංකා පොලීසිය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, SLTDA සහ CCD මෙම රැස්වීමට සහභාගි වී සිටි අතර ප‍්‍රදේශය තුළ තිබෙන අනවසර ඉදි කිරීම් ඉවත් කෙරෙන බව සහතික කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවට අමාත්‍යවරයා ඔවුන්ටත් සමස්ත සංචාරක ව්‍යාපාරයටත් පොරොන්දු විය.
ගැටලූව විසඳීම සඳහා පියවර ගෙන ඇති බවට සහ අදාළ බලධාරීන් නිසි පියවර ගනිමින් සිටින බවට ශ‍්‍රී ලංකා ආගමන සංචාර මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) විදේශීය සංචාර මෙහෙයුම්කරුවන්ට සහතික වූයේ ඔහු මෙසේ පොරොන්දු දීමෙන් පසුව ය.
කෙසේ වුව ද දින කිහිපයකට පසුව ඊට පෙර සතියේ දී සංචාරක ව්‍යාපාරයට දුන් පොරොන්දුවලට එරෙහිව යමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මිරිස්ස සහ වැලිගම වෙරළ තීරයේ තිබෙන නීති විරෝධී ඉදි කිරීම් ඉවත් කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව දැන ගැනීමෙන් අපි දැඩි කනස්සල්ලට පත් වූයෙමු. තමන් ශ‍්‍රී ලංකාවට පිටත් කර එවන සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගෙන් කඩිනම් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින සංචාර මෙහෙයුම්කරුවන් මෙම ගැටලූවේ තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින හෙයින් අත්හිටුවීම පිළිබඳව දැන ගැනීමෙන් SLAITO සාමාජිකයෝ කලකිරීමට පත්ව සිටිති.
ඉවත් කළ යුතු බවට හඳුනා ගත් නීති විරෝධී ඉදි කිරීම් අනුකූලතාව හා ආරක්ෂාව පිළිබඳ අවදානමක් මතු කරන අතර ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අන්තරායකර හා අනාරක්ෂිත හැඟීමක් නිර්මාණය වීමට තුඩු දෙයි. අත්‍යවශ්‍ය විදේශ විනිමය රටට රැගෙන ඒම සඳහා රජය සංචාරක ව්‍යාපාර අංශය කෙරෙහි විශ්වාසය තබා සිටින කාලයක මෙය මහජන සම්බන්ධතා පිළිබඳ නරක ම උදාහරණය බවට පත් විය හැකි ය.
මුලින් ගත් තීරණය ක‍්‍රියාත්මක කරන ලෙස ශ‍්‍රී ලංකා ආගමන සංචාර මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී. සංචාරකයන්ට එරෙහිව එල්ල කෙරෙන මෙවැනි ප‍්‍රහාර සම්බන්ධයෙන් දැඩි හා ප‍්‍රබල පියවර නොගත හොත් ව්‍යාපාරය නිසැක වශයෙන් ම අක‍්‍රිය වනු ඇති අතර එවැනි ප‍්‍රහාර එල්ල වේ යැයි බියෙන් සංචාරකයන් මෙරටට පැමිණීමෙන් වැළකී සිටිනු ඇත. ගන්නා ලද කාර්ය සාධක දණ්ඩන පියවරයන් අත්හිටුවීම එවැනි ප‍්‍රහාරයන්හි නිරත වීමට අනෙක් කඩාකප්පල්කාරී කණ්ඩායම් දිරි ගැන්වීමක් වනු ඇති අතර ශ‍්‍රී ලංකාවේ සංස්කෘතියට හා ආගන්තුක සත්කාරකත්වයට එරෙහිව යාමක් ද වනු ඇත.
රට විදේශ විනිමය උපයා ගැනීමට පරිශ‍්‍රම දරමින් සිටින කාලයක සංචාරකයන් රට තුළට ගලා ඒම ආර්ථිකයට සහායක් වනවා පමණක් නොව සැපයුම් දාමය ඔස්සේ බොහෝ දෙනෙකුට ජීවනෝපායන් නිර්මාණය කිරීමක් ද වේ. එම නිසා විශේෂයෙන් ම ලෝක පරිමාණ අවධානයට ලක්ව ඇති බෙහෙවින් කැපී පෙනෙන මෙවැනි සිදුවීමක දී නීතිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කවර හෝ ලිහිල් බවක් පෙන්නුම් කිරීමෙන් සිදු වනු ඇත්තේ නිවැරදි කිරීමට වසර ගණනාවක් ගත වන අහිතකර කටකතා පැතිර යාම යි.
කෙසේ වුව ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ප‍්‍රසිද්ධියේ නිවේදනය කළ පරිදි නීති විරෝධී ඉදි කිරීම් ඉවත් කිරීමට මිරිස්සේ දී කඩිනම් හා තීරණාත්මක පියවර ගත හොත් සහ ඒ සමග වැරදිකරුවන්ට එරෙහිව දණ්ඩනීය පියවර ගත හොත් එය ශ‍්‍රී ලංකාව සංචාරකයන්ට ගරු කරන බවටත් ඔවුන්ගේ ආරක්ෂාව අන් සියල්ලට මත් වඩා වැදගත් කොට සලකන බවටත් ලෝකයට යැවෙන ප‍්‍රබල පණිවුඩයක් වනු ඇත.
Video Story