මුදල් අමත්‍යාංශය ප්‍රමුඛ මහාභාණ්ඩාර නිලධාරීන්ගේ මැයි මස වැටුපෙන් කො‍ටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කෙරේ

    May, 20, 2020

    කොවිඩ් - 19 වෛරස් ව්‍යාප්තිය හමුවේ රජයේ විදේශ ආදායම් මාර්ග මෙන්ම දේශීය ආදායම් මාර්ග අවහිර වී ඇති වාතාවරණය මත මාස කිහිපයක් සඳහා බලපා ඇති ආර්ථික පීඩනය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපති ලේකම්තුමා විසින් සමස්ත රාජ්‍ය සේවකයින් වෙතින් කරන ලද පෞද්ගලික ඉල්ලීමට ගරු කරමින් මුදල් අමාත්‍යාංශය ප්‍රමුඛ මහාභාණ්ඩාගාරයේ කාර්යය මණ්ඩලය විසින් ස්වකීය 2020 මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව, මහාභාණ්ඩාගාර ලේකම්තුමාගේ 2020 මැයි මස වැටුපෙන් සියයට 50 ක් ද, තවත් බහුතර නිලධාරීන් පිරිසක් තම මැයි මස වැටුපෙන් සියයට 25 හා සියයට 10 බැගින් ද, අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින් ස්වකීය මැයි මස දිනක වැටුප ද වැන්දඹු අනත්දරු ගිණුමට පරිත්‍යාග කර ඇත.

    රාජ්‍ය සේවය නම් වූ උත්තරීතර සේවාව ශක්තිමත් කිරීමට ද, එහි ගෞරවණීය හා කීර්තිමත්භාවය ආරක්ෂා කරගැනීමට ද, අසීරු අවස්ථාවන්‍හිදි අන්‍යයන්ට උපකාර කිරීමේ රාජ්‍ය සේවයේ පුරෝගාමි මෙහෙවර නැවත වරක් විදහාපෑමට ද හේතුවන මෙම පරිත්‍යාගය සමස්ත රාජ්‍ය සේවකයින්ටම ආදර්ශයක් වෙනු ඇත.