මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් එස්.ආර්. ආටිගල

    October, 31, 2018

    ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු, මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු මෙන්ම භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වූ එස්. ආර්. ආටිගල මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබේ.

    එස්. ආර්. ආටිගල මහතා ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ.

    කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙකු වන ආටිගල මහතා එක්සත් ජනපදයේ Warwick සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිධරයෙකි.