මුදල් ඇමතිකමින් රනිල් ඉල්ලා අස්විය යුතුයි – ධම්මික

    July, 6, 2022

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔහු දරන මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි. අද (09) පෙරවරුවේ ඔහු මේ අදහස් දැක්වූ අතර එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා හට මෙමෙට ඩොලර් ගෙන ඒමට කිසිදු සැලැස්මක් නොමැති බවයි.

    අපි එන්න එන්නම අරගල කරනවා. අරගල කළ කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. මම ආණ්ඩුවට ඇවිල්ලා දවස් 7යි. මම දැක්කා මේකේ මොකද වෙන්නේ කියලා. ෆිනෑන්ස් මිනිස්ටර් හැටියට රනිල් වික්‍රමසිංහ කරන මේ දේශපාලන ගේම් එක මෙතැනින් නවත්වන්න වෙනවා. මොකද එයාට ඩොලර් ගේන හැම ‌ප්‍රොජෙක්ට් එකක්ම නවත්වනවා. එයාට කිසිම ප්ලෑන් එකක් නැහැ රටේ කෑෂ් ෆ්ලෝ එක සම්බන්ධව. එයාට කිසිම ප්ලෑන් එකක් නෑ. මිනිස්සුන්ට කන්න දෙන විදිය සම්බන්ධව. කිසිම ප්ලෑන් නැහැ ඩොලර් ගේන විදිය සම්බන්ධව. මම හිතනවා එයා මේ වෙලාවේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කිය කිය ඇවිදින්නේ නැතුව ෆිනෑන්ස් මිනිස්ටර් හැටියට, මට ඇත්තටම ප්‍රයිම් මිනිස්ටර් හැටියට ප්‍රශ්නයක් නැහැ. ඔහු මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. (... the minister of finance should resign)