මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

    September, 26, 2017

    පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරය යෝග්‍ය බව මුදල් මණ්ඩලයෙහි අදහස වන අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2017 වසරේ පළමු කාර්තුවේ වාර්තා කළ 3.8%ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයට සාපේක්ෂව දෙවන කාර්තුව තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත4.0%ක මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය.

    අයහපත් කාලගුණ තත්ත්වය සහ දුර්වල විදේශ ඉල්ලුම ආර්ථික වර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපෑම් ඇති කළේය.එකතු කළ අගය අනුව සලකා බලන විට ඉදිකිරීම්, පතල් හා කැනීම්, මූල්‍ය සේවාඅහිතකර බලපෑම් මත බලශක්ති උත්පාදනයේ හා ආහාර සැපයුමේ ඇති වූ අවහිරතා හේතුකොට ගෙන ඉහළ ගිය ආනයන වියදම හේතුවෙන් 2017 ජුලි මාසය වන විට සමුච්චිත වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් විය.

    සංචාරක පැමිණීම් සහ ඒ ආශ්‍රිත විදේශ විනිමය ලැබීම් ද වසරේ මේ දක්වා කාලය තුළ ඉහළ ගියේය.

    ජුලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද ඉහළ ගිය නමුත් මැද පෙරදිග කලාපයේ මන්දගාමී ආර්ථික ක්‍රියාකාරීත්වය සහ භූ දේශපාලනික අවිනිශ්චිතතා හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන්ග් ප්‍රේෂණ ඉහළ ගොස් ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය වෙළෙඳපොළ වෙතින් ශුද්ධ පදනම මත එ.ජ ඩොලර් බිලියන 1.1ක විදේශ විනිමය මිලදී ගත් අතර දළ නිල සංචිත ප්‍රමාණය 2016 වසර අවසානයේ දී පැවැති එ.ජ ඩොලර් බිලියන 7.3දක්වා ඉහළ ගියේය. විනිමය අනුපාතිකය තීරණය වීමේ නම්‍යශීලි බව හේතුකොටගෙන දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ මත වන පීඩනය බොහෝ දුරට අඩුවී ඇති අතර එ.ජ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2016 වසරේ දී අවප්‍රමාණය වූ 3.8%ට සාපේක්ෂව සැප්තැම්බර් 22වන විට 2.0%කින් අවප්‍රමාණය වී ඇත.

    මෙම පසුබිම තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 7.25% සහ 8.75% යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.