මුදල් ප්‍රතිපත්ති නිවේදනය අනිද්දා

    November, 12, 2018

    2018 වසරේ හත්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය බදාදා (14) උදෑසන 7.30 ට නිවේදනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    රට තුළ පවතින දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ මෙහිදී මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත තීන්දු තීරණ කෙරෙහි මේ වන විට බොහෝ පාර්ශවවල අවධානය යොමුව තිබේ.

    මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද සයවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය ඔක්තෝබර් 02 වනදා නිකුත් කරනු ලැබූ අතර එහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කළ බව ප්‍රකාශ වුණි.

    ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කෙරුණි.