මුදල් මණ්ඩලය CIFL ට දී තිබූ බලපත්‍රය අවලංගු කරයි

    November, 23, 2017

    2017 නොවැම්බර් 06 වන දින රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනතට අනුව, සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) හි වෙත ලබා දී තිබුණු මූල්‍ය ව්‍යාපාරයන් හි නිරත වීමේ බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වැඩිදුරටත් කියා සිටින්නේ මේ බව 2017 නොවැම්බර් 17 වන අදාළ සමාගම වෙත දන්වා යවා ඇති බවයි.

    මේ අතර අද (23) දිනයේ දී සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී කොටස් ගනුදෙනු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන තිබේ.