මුදල් රාජ්‍ය ඇමැති බදු සහයෝගිතාව පිළිබඳ පළමු ගෝලීය සමුළුවට සහභාගි වෙයි

    February, 21, 2018

    මුදල් රාජ්‍ය අමාත්‍ය  ඉරාන් වික්‍රමරත්න මහතා බදු සහයෝගීතාව සඳහා පවත්වන ලද පළමු ගෝලීය සමුළුව වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර එය 2018 පෙබරවාරි මස 14 දා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේදී ආරම්භ විය.
    තිරසාර සංවර්ධන ඉලක්ක සාත් සාත් කර ගැනීමේ අභිලාෂයෙන් බදු ප්‍රතිපත්ති හා පරිපාලනයට අවශ්‍ය මුලික මග පෙන්වීම සඳහා යොමුවීමට මෙම සමුළුව ලෝක බැංකුව, අන්තර් ජාතික මුල්‍ය අරමුදල, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය යන ආයතන ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
    මෙම සමුළුවේ අරමුණ වුයේ තිරසාර සංවර්ධන ඉලක්ක සාත් සාත් කර ගැනීමට වඩාත් හිතකර වු බදු අයකරගැනීමේ ප්‍රයත්නයන් මත බදු පිළිබඳ ගෝලීය සංවාද හා අදහස් හුවමාරු කර ගැනීමයි.
    මේ සඳහා සහභාගිවු කථිකයින් අතර අමාත්‍යවරුන් , ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති සම්පාදකයින් , බදු පරිපාලකයින් , උගතුන් මෙන්ම සිවිල් සංවිධාන, ප්‍රාදේශීය බදු සංවිධාන හා පුද්ගලික අංශයේ නියෝජිතයින් මෙයට ඇතුලත් වේ. මෙම සමුඵව 2018 පෙබරවාරි මස 16දින අවසන් විය.