November, 8, 2018
මහා භාණ්ඩාගාරයේ හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පසුගිය දා පත්වීම් ලැබූ එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වශයෙන් උසස් වීම් ලැබ තිබේ. එස්. ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙසින් මීට පෙර කටයුතු කරනු ලැබීය. මේ අතර මහ බැංකුවේ තවත් සහකාර අධිපතිවරයෙකු වූ එච්.ඒ. කරුණාරත්න මහතා ද නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත.


ඡායාරූපය - එස්.ආර්. ආටිගල මහතා පසුගිය 31 දා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාර ගත් අවස්ථාව.
Video Story