මුරලිගේ ආයෝජනය ගැන ආයෝජන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

    April, 8, 2015

    බීම වර්ග ඇසීරීම සඳහා යොදාගන්නා ඇලුමිනියම් කෑන් සකස් කිරීමේ මෙරට පළමු කර්මාන්ත ශාලාව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ඩොලර් මිලියන 63 ක ආයෝජනයකින් නුදුරේදී පිහිටුවීමට සූදානම් වනබව පසුගියදා වාර්තා වුවත් නම හෙළි කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිළධාරියෙකු අප වෙත සඳහන් කළේ එම පුවත නිවැරදි විය යුතු බවයි.

    මෙම කර්මාන්ත ශාලාව මීට කලකට පෙර ගොඩනගන ලද්දක් බවත් මෙයට අදාළ වන කරුණු කිහිපයක් සාකච්ඡා කර ගැනීම සඳහා මුරලි පසුගියදා ආයෝජන මණ්ඩලයට පැමිණි බවත් ඔහු අප සමග සඳහන් කළේය.

    මෙම පුවත අදාළ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් අප විසින්ද වාර්තා කළේය.