June, 28, 2017
2017 මුල් කාර්තුවේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 436ක් වන අතර මුළු රාජ්‍ය ආදායමෙන් 95%ක් එනම් රුපියල් බිලියන 415ක් බදු ආදායම වේ.
පළමු කාර්තුවේ ආදායම් රැස් කිරීමේ ප්‍රතිශතය වාර්ෂික ආදායම් ඇස්තමේන්තුවෙන් 22%ක් හා පළමු කාර්තුවේ ඉලක්කයෙන් 94%ක් වේ.
එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැඟීමේ බදුවලින් අපේක්ෂිත ඉලක්ක අභිබවා ආදායම් වැඩි කරගෙන ඇත. එසේ වුවත්, ආදායම් බදු හා සුරාබදු අය කිරීම් සම්බන්ධයෙන් වූ ඉලක්ක වෙත ළගා වී නැත. විශේෂයෙන් මත්පැන් හා දුම්වැටි සඳහා වන සුරා බදු රැස්කිරීමේ අඩු ප්‍රගතියක් දක්නට ලැබෙන බවත් අවදානයට ලක් කරනු ලැබ තිබේ.
එම කරුණ ඇතුළත් 2017 පළමු කාර්තුවේ එක් එක් මාසය අවසානයට හා කාර්තුව අවසානයට රජයේ ආදායම් විස්තර ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Video Story