මූල්‍ය අරමුදලේ ආධාර අත්හිටුවයි

    November, 19, 2018

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට උත්ගත වී තිබෙන දේශපාලන අර්බුදකාරීත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ණය ආධාර අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල ප්‍රකාශකයෙකු වන Gerry Rice විසින් මේ බව සනාථ කරමින් The Sunday Morning පුවත් පත වෙත ප්‍රකාශ කර ඇත.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම 2016 වසරේ ජූනි මාසයේ දී අනුමත වූ අතර ඩොලර් බිලියන 1.5 ක ණය ආධාර ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

    මෙම ණය මුදල ලබා දීමේ දී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කළේය.

    ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීම, බදු ප්‍රතිසංස්කරණ ආදිය ඒ අතුරින් ප්‍රමුඛ ඒවා වේ.

    කෙසේ වෙතත් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාවට නැංවීම මේ වන විට අත්හිටුවා ඇති අතර මිල සූත්‍රයට පරිභාහිරව නව රජය යටතේ දෙවරක් ඉන්ධන මිල පහත හෙලීමේ වාසිය ලබා ගැනීමට ජනතාවට හැකි වී තිබේ.