මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවට

    January, 16, 2019

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදයට ගිය මුදල් අමාත්‍ය මංගල සමරවීර, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Christine Lagarde අතර හමුවක් ඊයේ (15) දිනයේ දී වොෂිංටන් නුවර දී පවත්වා ඇත.

    මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා Christine Lagarde මෙසේ කියා සිටී.

    “ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හා රටේ ප්‍රමුඛස්ථානය දිය යුතු ප්‍රතිපත්තීන් පිළිබඳව අප සාකච්ඡා කළා. මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යන බවට ඔවුන් මෙහිදී අවධාරණය කළා. “

    “ජනතාවට ප්‍රතිලාභ ලබෙන ආකාරයෙන් උසස් තත්ත්වයේ වර්ධනාත්ම තිරසාර ගමන් මඟකට ශ්‍රී ලංකාව යොමු කිරීම වෙනුවෙන් විශ්වාසය ගොටනැංවීමත්, වැඩසටහන ඵලදායී ආකාරයට පවත්වාගෙන යාම සඳහා ශක්තිමක් ප්‍රතිපත්ති එකතුවකටත් අපි එකඟ වුණා.“

    “ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දැක්වීම සඳහා මූල්‍ය අරමුදල සූදානමින් සිටින අතර එළඹෙන පෙබරවාරි මාසයේ මැද භාගයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා. එහිදී තවදුරටත් වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.“