September, 19, 2022
ආදායම වියදම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නිවැරදී තොරතුරු ඍජු ලෙස ලබා ගනිමින් එම මූල්‍ය කටයුතු අධීක්ෂණය සදහා වෙනම අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පසුගිය (15) දා පැවසීය.
සැප්තැම්බර් 15 වැනිදාට යෙදුණු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (National Democratic Institute / NDI) අනුග්‍රහය මත සංවිධානය කළ විශේෂ මහජන සේවා වැඩසටහනකදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
Video Story