මූල්‍ය පාරිභෝගික ආරක්ෂණයට නව රෙගුලාසි

    February, 8, 2023

    ශ්‍රී ලංකා මහ බැංකු මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතන මගින් සපයනු ලබන සේවාවන් වලට අදාල මූල්‍ය පාරිභෝගික ආරක්ෂාව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් පුළුල් නව රෙගුලාසි මාලාවක් සකස් කර ඇති අතර එමගින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතන සඳහා ඒකාබද්ධ මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුවක් හඳුන්වා දීම අරමුණු කර ඇත.

    මෙම නව රෙගුලාසි මගින් වෙළඳපොළ හැසිරීම සුපරීක්ෂණය සඳහා අධීක්ෂකයන් හට අවශ්‍ය නියාමන බලතල නිශ්චය කිරීම අපේක්ෂා කරන අතර පසුකාලීනව මූල්‍ය පාරිභෝගිකයින් විසින් කරනු ලබන පැමිණිලි අවම කිරීමේ අවශ්‍යතාවය අරමුණු කර ගනිමින් මූල්‍ය සේවා ලබා දීමේදී / ලබා ගැනීමේදී සලකා බැලිය යුතු ක්ෂේත්‍ර පිළිබඳ සේවා සපයන්නන් සහ ලබන්නන් යන දෙපාර්ශවයටම පැහැදිලි බවක් ලබාදීම ද අපේක්ෂා කර ඇත.