February, 6, 2020
Litro Gas Lanka Ltd ආයතනය, රජයට අයත් සමාගමක් ලෙස ස්ථාපනය කරනු ලැබ ඇති, ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රොලියම් (LPG) භාවිතා කරන්නන්ගෙන් 75% ක වෙළඳපොළ කොටසක් සහිත ද්‍රව පෙට්‍රොලියම් වායු සැපයුම්කරු වේ.
ඒ අනුව වෙළඳපොළට අඛණ්ඩ සැපයීම තහවුරු කරමින්, 2020 මාර්තු මස 01 දින සිට වසර 02 ක කාලයකට ද්‍රව පෙට්‍රොලියම් (LPG) මෙට්‍රික් ටොන් 740,000ක් Litro Gas Lanka Ltd. ආයතනය වෙත මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s Oman Trading International Ltd. වෙත පිරිනැමීම පිණිස මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story