මෙන්න! අද කොටස් පොළේ රැළි

    May, 2, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු ඉහළ ගිය අතර වාර්තාවූයේ ශුද්ධ විදේශීය කොටස් අලෙවියකි.

    මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 24.77 කින් ඉහළ ගොස් ඒකක 6,248.44 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 17.62 කින් ඉහළ ගොස් ඒකක 3,435.81 ක් විය.

    විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 217 ක් වටිනා ශුද්ධ කොටස් විකිණීමක් කරනු ලැබුවේ රුපියල් මිලියන 117 ක කොටස් මිලදී ගනිද්දී රුපියල් මිලියන 334 ක් වටිනා කොටස් විකුණා දමමිනි.

    මෙහිදී, එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් මිලියන 115 ක්ද, චෙව්රන් සමාගමේ කොටස් මිලියන 67 ක්ද, වටවල ප්ලාන්ටේෂන් සමාගමේ කොටස් මිලියන 54 ක්ද විදේශිකයින් විසින් විකුණා දමද්දී කොමර්ෂල් බැංකුවේ කොටස් මිලියන 20 ක් මිලදී ගන්නා ලදී.

    අද දිනයේ කාර්සන්ස් කොටසක් රුපියල් 30 කින් ඉහළ ගොස් රුපියල් 405 ක්ද, ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 10.80 කින් ඉහළ ගොස් රුපියල් 1110 ක්ද, වැලිබල් වන් සමාගමේ කොටසක් ශත 90 කින් ඉහළ ගොස් රුපියල් 20 ක්ද වූ අතර සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කොටසක් රුපියල් 89.50 කින් පහළ ගොස් රුපියල් 1270.50 ක් විය.

    මේ අතර, ජෝන් කීල්ස් කොටසක් රුපියලකින් පහළ ගොස් රුපියල් 237 ක්වී තිබේ.

    අද දිනයේ ගිවිසගත් කොටස් ගනුදෙනු හෙවත් ක්‍රොසින්ග්ස් ගනුදෙනු දෙකක් වාර්තා වූ අතර මින් එකක් සිදුකළේ වටවල ප්ලාන්ටේෂන් සමාගමයි. මෙහිදී, වටවල ප්ලාන්ටේෂන් සමාගමේ කොටස් මිලියන 4.5 ක් එකක් රුපියල් 11.50 ක් බැගින් අලෙවි වූ අතර රෝයල් සෙරමික්ස් සමාගමේ කොටස් මිලියන 0.2 ක් එකක් රුපියල් 104.90 බැගින් අලෙවි විය.