මෙන්න! මැතිවරණය අභිමුව මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය

    July, 25, 2015

    වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ජූලි මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත.

    මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory reserve ratio) සියයට 6.00 ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමටයි.

    මහ බැංකුව විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මහ බැංකු පොලී අනුපාත අනපේක්ෂිත ලෙස සියයට 0.5 කින් අඩුකළ අතර මැයි සහ ජුනි මාසවල නැවතත් ස්ථාවරව තබා ගැනීමට කටයුතු කළේය.mm

    Video Story

    Stock Market

    Exchange Rates