මෙන්න වැඩ! වසර පහකදී බාර් ලයිසන් 50% ක් දෙයි

    July, 15, 2014

    ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන මත්පැන් අලෙවි කිරීමේ බලපත් වලින් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් ලබාදී තිබෙන්නේ  1997 සිට 2001 දක්වා වසර පහක කාල සීමාව තුළදී බව අනාවරණය වේ.

    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදී තිබෙන මුදල් අමාත්‍යංශය පවසා තිබෙන්නේ මේ වනවිට ලංකාව තුළ මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර 2,963 ක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි.

    මෙම බලපත්‍ර වලින් 449 ක් 1997 වසරේදී ලබාදී තිබෙන අතර 1998 දී බලපත්‍ර 137 ක්ද, 1999 වසරේදී බලපත්‍ර 424 ක්ද, 2000 වසරේදී බලපත්‍ර 225 ක්ද, 2001 වසරේදී බලපත්‍ර 170 ක්ද, 2003 වසරේදී බලපත්‍ර 185 ක්ද, 2004 වසරේදී බලපත්‍ර 203 ක්ද ලබාදී තිබේ.