මෙන්න! ශ්‍රී ලංකන් නව සභාපති

    January, 24, 2015

    ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමූහයේ අධ්‍යක්ෂවරයෙකුද වන අජිත් ඩයස් මහතා පත්කර ඇතැයි අනාවරණය වේ.

    අජිත් ඩයස් මහතා ජාතික කම්කරු උපදේශන සභාවේ සාමාජිකයෙකු වන අතර ඇඟළුම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් බහුල පුද්ගලයෙකි. හෙතෙම ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ (JAAF) සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

    මීට පෙර, ශ්‍රී ලංකන් සභාපති ධූරය දැරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොයුරු නිශාන්ත වික්‍රමසිංහ මහතාය.