මෙන්න! LIOC ලාභ

    May, 23, 2014

    ලංකා ඉන්දීය තෙල් සමාගමේ නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය පහළ වැටී තිබෙන බවයි.

    මේ අනුව, 2013 මාර්තු කාර්තුව සමග සැසඳීමේදී සමාගමේ ලාභය සියයට 10 කින් පහළ වැටී රුපියල් මිලියන 722 ක ලාභයක් උපයා තිබෙන බව හෙළිවේ.

    සමාගම විසින් මෙම කාර්තුවේදී කොටසකට අදාළව රුපියල් 1.36 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 9.04 කි. මේ මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී සමාගම ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 4.8 ක් වූ අතර ඊට ඉහත වසරේ ලබා තිබුණේ රුපියල් බිලියන 2.9 ක ලාභයකි.

    2014 මාර්තු කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගම රුපියල් බිලියන 21.2 ක ආදායමක්ද මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී රුපියල් බිලියන 81.7 ක ආදායමක්ද වාර්තා කර තිබේ.