මෙන්න! UDA අළුත් සභාපති

    February, 5, 2015

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු ප්‍රවීණ බැංකු කරුවෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

    ඔහු දිගු කාලයක් පුරා ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරීවරයා මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර යුනයිටඩ් මෝටර්ස් ලංකා පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

    නව රජය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය රවුෆ් හකීම් මහතා අමාත්‍ය ධූරය දරන නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ ජලාපවාහන අමාත්‍යංශය යටතට පත්කර ඇත.

    පසුගිය රජය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ නිමල් පෙරේරා මහතායි.