මෙරටට පැමිණි කෝටිපති ආයෝජකයා ශ්‍රී ලංකාව ගැන මෙසේ කියයි

    January, 21, 2021

    පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරකය නිරත වූ ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා සිය සංචාරය සාර්ථකව අවසන් කළ බව ට්විටර් සටහනක් තබමින් කියා සිටී.

    ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ යෝග්‍යභාවය පිළිබඳව හැදෑරීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වූ බව ඔහු එහිදී කියා සිටී. ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර දී මෙරට ප්‍රමුඛතම රැහැන් නිෂ්පාදන සමාගමක් වන සියෙරා කේබල්ස් හි අතුරුගිරියේ පිහිටි කර්මාන්තශාලාවේ සංචාරය කිරීමට ඔහු කටයුතු කර තිබූ අතර අනාගත ව්‍යාපාරික සහයෝගීතාවන් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ. මීට අමතර ඔහු කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේ ද නිරීක්ෂණ චාරිකාවක යෙදුණේය.

    ව්‍යාපාරික ලොව සුප්‍රකට පවුලක් වන රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජික සාමාජිකාවෝ ලොව පුරා විවිධ ක්ෂේත්‍ර වලට අයත් ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටිති. මෙම ව්‍යාපාර අතරින් රෝත්ස්චයිල්ඩ් බැංකුව සහ, ආද්‍රියාතික් මුහුදේ සුඛෝපභෝගී යාත්‍රා හා නිවාස ව්‍යාපෘතියක් වන ‘පෝර්ට් මොන්ටෙනේග්‍රෝ’ (Port Montenegro) විශේෂ තැනක් ගනී.