මෙරට ආයෝජන ප්‍රවර්ධනයට සිංගප්පූරු – ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්

    September, 29, 2016

    ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා සිංගප්පූරුවෙන්, ආදර්ශයට ගත යුතු ක්‍රමවේද පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දා එරට සංචාරයක නිතර විය. එහි දී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියන් ලූන් (Lee Hsien Loong)මහතාද හමු වූ රවී කරුණානායක මහතා දෙරට අතර ආයෝජන ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලැබීය.

    මෙම හමුවේ දී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව තුළ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් වී ඇති බවයි. ඒ සඳහා පූර්ණ සහය ලබා දෙන බව ද ලූන්ග් මහතා සඳහන් කළේ ය.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ටිඕ චී හේයින් (Teo Chee Hean) මහතා ද එහි දී හමු විය.